විමසා ලා කිසි ම - නො කියන්නෙහි ද? බෙහෙතක් සිතේ ෟ මේ නැග එන - නපුරු රෝගය සුව කරත හැකි....
ඇලුම් නො කරන විට - රසවතා ඔබ වෙතෙහී අ නුවණ කම් නො කර - ම සිතෟ ඔබ දුක් නො වනු මැනවි.
දයාවක් නො මැතිව - දුක් දෙන්නහුගෙ හමු වේ ජීවත්වීම් වස් - සිතා ඇයි? දුක් වන්...
සිතෟ ඔබ යන විට දී - දෙ නුවනුත් ගෙන යනු මැන නැතහොත් මා නසයි - රසවතාණන් දකිනු රිසියෙන්.
එක් වී පළමු කොට - දැන් එක් නොවන ඇත්තා පෙම්වත් නො වේයැයි - සිතේ ෟ අත්හැර දැමිය හැකි වෙද ?
අදුනත රසවතා - නො කැමතී නොවේ නම් දැක එම්බා සිතේ ෟ ඔබ - ඇයිද? බොරුවට කිපෙනු සේ ...
මට ඉවසිය නො හැක - කාමය හිරිය මේ දෙක දයාබර හොඳ හිත ෟ - මින් එකක් අත් හරිනු මැනවි.